මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවම පහසුකම් පාසල් 1200ට ලක්ෂ 20 බැගින් ලබාදීමට පියවර

    සැප්තැම්බර් 15, 2015

    අවම පහසුකම් සහිත පාසල් 1200 ක් සඳහා මෙම වසර අවසානවීමට ප‍්‍රථම එක් පාසලකට ලක්ෂ 20 බැගින් ප‍්‍රදානය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවම් මහතා පැවසීය.

    මෙතෙක් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් ප‍්‍රමාණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් පියවරෙන් පියවර දළ දේශීය නිෂ්පාදනයෙන් 6‍% දක්වා වැඩි කිරීම අප රජයේ අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.

    පාසල් 150ක් සඳහා ගෘහවිද්‍යාගාර විෂය උපකරණ බෙදාදීමේ උත්සවයට එක් වෙමින් ඊයේ (14) ඒ මහතා මේ බව සඳහන් කළේය.මෙම උපකරණ කට්ටලයට අවන් 01, රයිස් කුකර් 01, බ්ලෙන්ඩර් 01, පේ‍්‍රෂර් කුකර් 01 සහ ගෑස් කුකර් 01 ක් ඇතුළත්ය.

    භෞතික සම්පත් හා මානව සම්පත දියුණු කිරීමෙන් ඉදිරි කාලයේ දී ජනපි‍්‍රය පාසල් පසුපස හබා නොයන, ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ පසුබිම සකස් කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    පාසල් දසදහසකින් වැසිකිළි කැසිකිළි පහසුකම් නැති පාසල් 500 ක් පමණ ද, පිරිසිදු පානීය ජලය නොමැති පාසල් 2000 ක් හා පරිගණක, පුස්තකාල පහසුකම් නැති පාසල් 4000ක් පමණ පවතින බවත්, රටට විදේශ විනිමය උපයාගත හැකි මහා පරිමාණ ව්‍යාපාරයක් වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දක්ෂ සූපවේදීන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් මේ රටේ ඇතිකළ යුතු බවත් අකිල කාරියවසම් මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්.එම්.බන්දුසේන මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya