අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය ලංකාවට ඇතුල් වීම වැළැක්වීමට පියවර

    සැප්තැම්බර් 14, 2015

    ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ඇතුළත් වීම 50%කින් වැළැක්වීමට ඉදිරි වසර 5 තුළ කටයුතු කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය හා පෞද්ගලික මැදිහත් වීම මත "මතින් තොර රටක්" ජාතික වැඩපිළිවෙළ දිවයින පුරා වසර 5ක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සකස් කර තිබෙන බවයි.

    මතින් තොර රටක් ජාතික වැඩපිළිවෙළේ දෙවැනි ජාතික සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා අද (14) මේ බව සඳහන් කළේය.

    මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණය පමණක් නොව මත්ද්‍රව්‍ය වැටලීම් හා ශ්‍රී ලංකාවට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ද ඉතා දැඩි ලෙස කටයුතු කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මීට අමරතව මත්ද්‍රව්‍ය ගෙනඒම සහ පරිහණය වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ මානව සම්පත් යොදා ගනිමින් වැටලීම් සිදු කරන බව ද කිතලවආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya