අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිට චෙන්නායි බලා ගමන් ගත් UL 125 ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වයි

    සැප්තැම්බර් 11, 2015

    විවිධ මාධ්‍ය වාර්තා වලට තුඩුදුන්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  UL 125 දරණ කොළඹ සිට චෙන්නායි බලා  ඊයේ (09)  ගමන් ගත් යානාව පිළිබඳව ගුවන් සමාගම කරුණු පැහැදිළි කර සිටියි. මෙම UL 125 දරණ  කොළඹ සිට චෙන්නායි බලා  ගුවන්ගත කළ යානාව ඊයේ ආරක්ෂිතව චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්සන ලදී. මෙම ගුවන් යානයේ මගීන් 102 ක් සහ 12 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක්  ගමන් ගෙන ඇත.

    මෙම ගුවන් යානය චෙන්නායි වෙත  ගොඩබැස්සවීමේ දී එහි හයිඩ්‍රොලික් පද්ධතියක රත්වීමකට මුහුණ දුන් අතර  ගුවන් නියමුවන් විසින් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවීමෙන් පසුව ගුවන්  තොටුපළ කාර්ය මණ්ඩලයේ සහාය ඉල්ලුම් කරන ලදී.  ඒ අනුව  මෙම ගුවන් යානාව ගුවන් යානා නැවතුම වෙත ඇදගෙන යන ලදී. පසුව මෙම තාක්ෂණික දෝෂය සුළු වේලාවකින් නිවැරදි කළ අතර පැය 2ක ප්‍රමාදයකින් පසු මෙම ගුවන් යානය UL 126 නමින් කොළඔ බලා පිටත්ව එන ලදී.   

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නේ  ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් සමාගම කැපවීමෙන් කටයුතු කරන බවත් මාධ්‍ය වාර්තා හි  සඳහන් කර ඇති කරුණු වන මෙම අවස්ථාවේ  ගුවන් මගීන් හා කාර්ය මණ්ඩලය අනතුරකට පත්ව ඇතැයි සඳහන් කිරීම සාවද්‍ය බවත් ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya