අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍රීය කටයුතු පිළිබඳ නව ජනාධිපති උපදේශක

    සැප්තැම්බර් 10, 2015
    අද්මිරාල් ( විශ්‍රාමික) ජයන්ත පෙරේරා මහතා විසින් සමුද්‍රීය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස අද ( 10) උදෑසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාල සංකීර්ණයේ දී සිය රාජකාරි බාරගන්නා ලදී.
     
    හිටපු නාවික හමුදාපතිවරයෙක් වන ජයන්ත පෙරේරා මහතා වසර 37ක නාවික සේවා කාලයක් සහිත නාවික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 1978 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙක් ලෙස නාවික හමුදාවට සම්බන්ධ වන ඒ මහතා සිය සේවය අවසන් කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙසයි.
     
    ජයන්ත පෙරේරා මහතා සිය දීර්ඝ සේවා කාලය තුළ සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියන අතර රණවික්‍රම, විශිෂ්ඨ සේවා සහ උත්තම සේවා පදක්කම් ඒ අතර වේ. තවද ඒ මහතා ආරක්‍ෂක විද්‍යාව විෂයය සඳහා විද්‍යාපති උපාධිධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya