මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ගැන කියවන්න, දැනුමක් ලබාගන්න, ජනතාව ඡන්දේ දුන්නේ හොඳ පාර්ලිමේන්තුවක් ඇති කරන්නයි - අගමැති පවසයි

    සැප්තැම්බර් 10, 2015

    පාර්ලිමේන්තුව ගැන කියවන්න. දැනුමක් ලබාගන්න. අපිට විශාල වැඩ කටයුත්තක් තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි. ජාතික ආණ්ඩුවක් ඇති කරන්න අවශ්‍යයිපාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කරන්න අවශ්‍ය ''යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු හමුවේ ප්‍රකාශ කළේ ය.


    අග්‍රාමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැති අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවත්වනු ලබන දනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වෙමිනි.

     

    මේ පාර්ලිමේන්තු ඡන්දෙ දී ජනතාව ඡන්දේ දුන්නේ, හොඳ පාර්ලිමේන්තුවක් ඇති කරන්නටයි. ආණ්ඩුපක්ෂ වේවා විපක්ෂය වේවා තමන්ට වැඩකරන්නට තිබෙන්නේ ජනතාව බලාපොරොත්තු වූ පාර්ලිමේන්තුවක. එය අපි සැමට බලපානවා.

     

    පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි. ජාතික ආණ්ඩුවක් ඇති කරන්න ඕන. පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන් ම පාර්ලිමේන්තුවට අලුතින් පැමිණි මන්ත්‍රීවරු සියලු දෙනාම, මෙයට සහභාගී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

     

    මෙයට සහභාගී වූ අයගේ ලැයිස්තුවක් මට දෙන්න, ඔබතුමා සහතික වන යට පමයි විමධ්‍යගත මුදල් දෙන්නේ. සැප්තැම්බර් 22 පෙර සම්පූර්ණ වැඩසටහනක යෙදී නත්නම්, ඒ මන්ත්‍රීවරු වෙනුවෙන් එන අයවැයට විමධ්‍යගත මුදල් වෙන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඡන්දදායකයන් අපිව එව්වේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරන්නයි. කරන්න බැරිනම් විමධ්‍යගත මුදල් දීලා තේරුමක් නෑ.

     

    ජනතාව පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වෙනවා. ඒ පාර්ලිමේන්තුව හදන්න අපි තීරණය කර ඉවරයි. අපිට ලොකු වගකීමක් බාරදී තිබෙනවා.19 සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට බලතල කොටසක් ලැබී තිබෙනවා. ජනාධිපති විධායක බලතල සීමා කර තිබෙනවා. අනෙක් අතට අපි ස්වාධීන කොමිෂන් ඇතිකර තිබෙනවා. මෙතැන් සිට අපි කොහොමද ඉදිරියට යන්නේ.

     

    එසේ නම් කොහොමද මේ සභාවේ වැඩකටයුතු කරන්නේ? අද ජනතාව හිතන්නේ, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ, වරප්‍රසාද අරගන්න, පොලීසියට පනින්න, ගහලා බේරෙන්න,කියලා. ආණ්ඩු පක්ෂය  වුවත් විපක්ෂය වුවත් එයයි ජනතාවට තිබෙන අඳහස.

     

    මෙය අපි ගෙනියනව ද? නැති නම් වෙනස් කරනවද? පාර්ලිමේන්තුවේ වැඩකරන්න මන්ත්‍රීවරුන්ට මීට වඩා පහසුකම් දෙන්න ඕන. තමන්ගේ හැසිරීම දෙස බලන්න. හැසිරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් වාර්තා කරන්න. මාධ්‍යයෙන් පහරගහකොට වදින්නේ මන්ත්‍රීවරයාට පමක් නොවේ අපි සියලු දෙනාට .

     

    චෝදනා ගණනාවක් තිබෙනවා. අපි මේ පාර්ලිමේන්තුව හරියට ක්‍රියාකරන්න ඕන. දැන් අපි කතාකරනවා පාර්ලිමේන්තුව සජීවි විකාශය කරන්න. එන වසරේ එය අපි කළ යුතුයි. එවිට ජනතාව බලයි ඇයි මන්ත්‍රීතුමා පුටුවේ නැත්තේ කියලා. ඇයි මේ ඇමතිවරයා පුටුවේ නැත්තේ කියලා. පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. සභාවේ නැති වෙලාවට පුස්තකාලයට යන්න.

     

    පාර්ලිමේන්තුව ගැන කියවන්න.දැනුමක් ලබාගන්න.අපිට විශාල වැඩකටයුත්තක් තිබෙනවා.පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කරනවා නම් අපි තේරුම් කාරකසභා ක්‍රමය ගේන්න ඕන.පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක් ලබාදෙන්න ඕන,ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවට සහයෝගය දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. අලුත් ව්‍යවස්ථාව ගැන අලුත් ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කරනවා. නවක මන්ත්‍රීවරු ඒ සඳහා සූදානම් වෙන්නයි අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

     


    ආදර්ශවත් හැසිරීම අපි පාර්ලිමේන්තුව තුළින් ලබාදිය යුතුයි - කතානායක


    karu jayasuමෙහිදී අඳහස් දැක්වු කතානායක කරූ ජයසූරිය මහතා:

    පාර්ලිමේන්තුව මුළු රටටම ආදර්ශවත් ලෙස පවත්වාගෙන යැමයි අරමුණ වන්නේ.මේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලඥයන්ට විශාල කාර්යභාරයක් කිරීමට පුළුවන්.

     

    ජනතාවට සමීපවීම මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්.ආදර්ශවත් හැසිරීම අපි පාර්ලිමේන්තුව තුළින් ලබාදිය යුතුයි. අපි තේරුම්ගත යුතු දෙයක් වන්නේ,මේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත් බවයි.පසුගිය මැතිවරනයේ ප්‍රතිඵල දෙස බලනවිට ඒ පණිවුඩය ජනතාව ලබාදී තිබෙනවා.

     

    වාද විවාද පසෙකලා, ජතික ආණ්ඩුවක් ගොඩනැගිය යුතුය. මේ පාර්ලිමේන්තුව පසුගිය පාර්ලිමේන්තුවට වඩා වෙනස්.ජනවාරි 08න් පසු දේශපාලන සංස්කෘතිය තුළ පාර්ලිමේන්තුවට විශාල වගකීමක් වගේම විශාල බලතල පැවරී තිබෙනවා.

     

    පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ යෝජනාවට ජනතා එකඟතාව ලැබුණා.පාර්ලිමේන්තුව බලවත්.කාරක සභාවල බලය වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.අලුත් දේශපාලන දර්ශනයක් ලෙස අපි කටයුතු කළ යුතු බවද කතානායකවරයා පැවසී ය.

    PR

    parli

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya