අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    සැප්තැම්බර් 10, 2015

    අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවත්වනු ලබන දනුවත් කිරීමේ වැඩමුළුව අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ විය.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවේ සමාරම්භක උත්සවය ආරම්භ විය.

    මෙම වැඩමුළුව සැසිවාර කීපයක් යටතේ අද සහ හෙට (11) දිනයේ ද පවැත්වීමට නියමිතය.

     

    මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන වගකීම,පාර්ලිමේන්තු යාන්ත්‍රණය තුළින් වඩා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් සිදු කරගනීම සඳහා පාර්ලිමේන්තු නීති රීති,සම්ප්‍රදායන් පිළිබඳව දනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ ය.

     

    පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය කාරක සභාපති එස්. අඩෙක්කලනාදන්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල,එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත සුබිනායි නැන්ඩි, යූ.එන්.ඩී.පී. පාර්ලිමේන්තු උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් ෂෝවෙල් යන මහත්වරු ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ආචාර්ය ඩීනා මෙල්හැම් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya