අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කළ මෙහෙය ඇගයීමට ලක් කෙරේ

    සැප්තැම්බර් 10, 2015
     
    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කිරීම (එකසිය පනස්වැනි ජන්ම සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාදය) සැප්තැම්බර් මස 21, 22 යන දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව අනාවරණය කලේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    2014 සැප්තැම්බර් 17 - 2015 සැප්තැම්බර් 17 දින දක්වා වර්ෂයක කාලය අනගාරික ධර්මපාල වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 
     
    2014 සැප්. 17 වන දිනට යෙදුනු අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාව හා ලෝකය පුරා විවිධ වැඩ සටහන් දියත්විය. 2014  සැප්.17 වන දින සිට 
    වසර පුරා ජාතික මට්ටමේ වැඩ සටහන් ගණනාවක් බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ද ක්‍රියාත්මක කර ඇත. 
     
    එහි නිමාව සනිටුහන් කරමින් සැප්.14 -  සැප්.20 දක්වා සතිය " දෙස බස රැස සසුන සුරකින ධර්මපාල පරපුරක් සදමු "  තේමා කොට ගත් විශේෂ වැඩ සටහන් රාශියක්ද ජාතික මට්ටමින් 
    සහ ප්‍රාදේශිය මට්ටමින් පැවැත්වෙන බව ද  වසන්ත ඒකනායක මහතා පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සංනිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, ධර්මපාලතුමා කළ සේවාව අලලා විද්වතුන් විසින් කරන ලද 
    පර්යේෂණයන්  එක් තැනකට ගොනු කර ගැනීම මේ පරිසංවාදයෙහි  අරමුණ බවද පැවසීය.
     
    ජපානය, ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය ආදි රටවල විද්වතුන් විසින් ධර්මපාලතුමන් පිළිබද කරන ලද පර්යේෂණ පත්‍රිකා මේ අතර වන බවත් මේ තුලින් අපේ දුදරුවන් තුල අනගාරික 
    ධර්මපාල තුමා විසින් කරන ලද මෙහෙය පිළිබඳ වඩ වඩාත් දැනුවත් කිරීමට මේ තුළින් හැකිවනු ඇතැයි ද ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ද සහභාගි විය. 
     
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya