අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් විදේශ විනිමය වැඩි වෙයි

    සැප්තැම්බර් 09, 2015

    යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම තුළින් අපේ රටට විශාල විදේශ විනිමයක් ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අපේ රටට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය අප රට තුළම නිෂ්පාදනය කර ගැනීම මෙන්ම විදේශ වෙළඳපොළ සඳහා මත්ස්‍ය අපනයනය කිරීම තුළින් ධීවරයන්ගේ ආදායම් තත්ත්වය වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් එය එතරම් පහසු කාර්යක් නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී සිය රාජකාරී ඊයේ (08) භාරගන්නා අවස්ථාවේ ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    යුරෝපා සංගමය විසින් අප රටට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් අප රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සිදුකිරීමේදී අනිවාර්ය වන විශේෂ කොන්දේසි මාලාවන් රැසක් ඔවුන් විසින් ඉදිරිපත් කර තියෙනවා. එම තහනම ඉවත් කර ගැනීමට නම් අප එම කොන්දේසි සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙනවා.

    අදාළ දින නියමයන්ට අනුව ඔවුන් ලබාදී ඇති ක්‍රියාකාරකම් බොහොමයක් අප විසින් සාර්ථකව ඉටුකර ඇති බව දන්වා සිටින අතර, ඒ පිළිබඳ ප්‍රගතිය පරික් කිරීම හා වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබර් මස 05 වැනිදා ලංකාවට පැමිණෙන අතර, 09 දක්වා අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව දන්වල තියෙනවා. ඔවුන් පැමිණීමෙන් අපට සැලකිය යුතු මට්ටමක ප්‍රගතියක් ළඟා කර ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද යුරෝපා සංගමයේ යෝජනාවල ප්‍රධාන කාර්යයක් වන යාත්‍රා නිරීක්ෂ අණ පද්ධති (VMS) සවි කිරීම සාර්ථකව සිදුකරගෙන යන අතර, දැනට ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රා 1019 කට VMS සවි කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya