මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද ..

    සැප්තැම්බර් 09, 2015
     
    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
    සිය ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වු අමාත්‍යවරයා,  අද නව රජය අලුත් සංස්කෘතියකට, අලුත් ආරකට සියලු පක්ෂ එක්කර ගෙන රට ගෙන යන්න  සුදානම් වන මේ මොහොතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා. 
     
    මෙහිදී අලුත් තාක්ෂණ ලෝකයට ගැලපෙන ආකාරයට අප සකස් විය යුතුයි. දේශපාලනීකරණය වී තිබු රාජ්‍ය සේවයට ස්වාධිනත්වය ලබා දීමට පසුගිය දින 100 තුළ අපට හැකියාව ලැබුණා යයිද පැවසීය.
     
    එමෙන්ම රටේ දියුණුව රදා පවතින්නේ රාජ්‍ය සේවකයාගේ කාර්යක්ෂමතාවය මතයි. අපිට අවශ්‍ය වන්නේ වඩාත් කාර්යක්ෂම ජනතාවට ලැදි  රාජ්‍ය සේවයක්.ඔවුන්ට ඒ සදහා අවශ්‍ය තෘප්තිය හා වටපිටාව ලබා දිය යුතුයි යයිද වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
     
     
    AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya