අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සියදිවි හානි කරගැනීම වැළැක්වීමේ දිනය අද

    සැප්තැම්බර් 10, 2015

    ලෝක සියදිවි හානි කරගැනීම වැළැක්වීමේ දිනය සැප්තැම්බර් (10) අදට යෙදී තිබේ.''ජීවිතය සුරකින්න සුරත දිගුකරන්න'' මෙවර ලෝක සියදිවි හානි කරගැනීම වැළැක්වීමේ දිනයේ තේමාවයි.

    සියදිවි නසාගැනීම වළක්වාගැනීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් දනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

     

    එහිදී අඳහස් දැක් වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මනෝවිශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, සියදිවි නසාගැනීම වළක්වාගැනීම සඳහා ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවත් සියදිවි නසා ගැනීම් වාර්තා කරනවා නම්, ඒ දෙස ගැඹුරින් සිතිය යුතු බවය.

     

    සියදිවි නසා ගැනීම හුදෙක් පුද්ගලික ප්‍රශ්නයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය අර්බුදයක්. සියදිවි නසා ගැනීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මාධ්‍යයට මෙහිදී වැදගත් කාර්යභාරයක් තිබෙනවා. සියදිවි නසා ගැනීම් සඳහා මාධ්‍ය වාර්තා කිරීම් ද දායක් වී තිබෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන බව ද නීල් ප්‍රනාන්දු මහතා පවසයි.



    වසර 2014 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3164ක් වාර්තා වී තිබේ. වසර 2013 වඩා සිදුවීම් 150ක අඩුවීමක් තිබෙන අතර සියදිවි නසා ගැනීම මෙසේ අඩු වුවත් ඒ සඳහා කරන උත්සහ කිරීම් අඩු වී නැතැයි ද ඒ ගැන අප සැළකිලිමත් විය යුතු බව ද නීල් ප්‍රනාන්දු මහතා පවසයි.

     

    සියදිවි නසා ගැනීමට එක හේතුවක් පාදක නොවන බවත් ඊට හේතු ගණනාවක් බලපාන බවත් පවසන නීල් ප්‍රනාන්දු මහතා,ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලක්ෂයක් පමණ සියදිවි නසා ගන්නවා. එය 11.4%ක ප්‍රතිශතයක්.ගෝලීය සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය එය බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya