නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුධ හමුදාපතිවරයා මුලතිවු ප්‍රදේශයේ සංචාරයක

    සැප්තැම්බර් 07, 2015

    යුධ හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත සිල්වා මහතා පසුගියදා (04) මුලතිවු ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. මෙහිදී මුලතිවු වෙත පැමිණි යුධ හමුදාපතිවරයා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි. යු. එස්. විතානගේ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිළිගන්වන ලදී.

    අනතුරුව හමුදාපතිවරයා ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් භට පිරිස් අමතා කතාවක් කළේය. එහිදී ආරක්‍ෂක  අංශ සාමාජිකයෙකු ලෙස ඉතා ඉහළ විනයක් පවත්වාගෙන යාමේ වටිනාකමත්, ප්‍රාදේශීය වශයෙන් සිවිල් වැසියන් සමඟ විශිෂ්ට සුහදශීලි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමත්, එම ප්‍රදේශවල සමාජ සමගිය, සංහිඳියාව වර්ධනය කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිව ක්‍රියා කිරීමත් මෙන්ම ඒ සඳහා නව ව්‍යාපෘති ඇතිකිරීමේ අවශ්‍යතාවය සහ වටිනාකමත් පිළිබඳව නිලධාරින් සහ භටපිරිස් දැනුවත් කරන ලදී.

     

    පසුව සියලු නිලයින්ගේ තේපැන් සංග්‍රහයකට මෙන්ම සමූහ ඡායරූපයකට ද පෙනී සිටි ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත සිල්වා මහතා සිය සංචාරය සනිටුහන් කිරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැලයක් රෝපනයට ද සහභාගී විය.

     

    මුලතිවු සංචාරයෙන් පසුව හමුදාපතිවරයා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ද කඳවුරු නිරීක්‍ෂණ චාරිකාවකට මෙන්ම භට පිරිස් ඇමතීමකට ද සහභාගී විය. (MOD)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya