සැප්තැම්බර් 10 දිනට යෙදී තිබෙන සියදිවි නසාගැනීම වැළක්වීමේ ලෝක දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් නීල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසී ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ,මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මෙය සංවිධානය කර තිබුණි.
සියදිවි නසා ගැනීම හුදෙක් පුද්ගලික ප්‍රශ්නයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය අර්බුදයක්. සියදිවි නසා ගැනීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මාධ්‍යයට මෙහිදී වැදගත් කාර්යභාරයක් තිබෙනවා. සියදිවි නසා ගැනීම් සඳහා මාධ්‍ය වාර්තා කිරීම් ද දායක වී තිබෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන බව ද නීල් ප්‍රනාන්දු මහතා පවසයි.
වසරකට ලෝකයේ ලක්ෂ අටක් සියදිවි නසා ගැනීම් වාර්තා වෙනවා. එය පසුගිය වසරේ මිලියනයක් පමණ වුණා. මෙහි යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා. සෑම තත්පර හතළිහකට වරක් අයෙක් සියදිවි හානි කර ගන්නවා.
වසර 2014 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3164ක් වාර්තා වුණා. වසර 2013 වඩා 150ක අඩුවීමක්. සියදිවි නසා ගැනීම් අඩු වුවත් ඒ සඳහා කරන උත්සහ කිරීම් අඩු වී නෑ. ඒ ගැන අප සැළකිලිමත් විය යුතුයි. මේ ගැන අපිට සතුටු වෙන්න බෑ.
සියදිවි නසා ගැනීමට එක හේතුවක් පාදක වන්නේ නෑ. ඊට හේතු ගනනාවක් බලපානවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලක්ෂයක් පමණ සියදිවි නසා ගන්නවා. එය 11.4%ක ප්‍රතිශතයක්. ගෝලීය සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය එයයි.
සියදිවි නසා ගැනීම වළක්වාගත හැකියි. ප්‍රජාව මට්ටමින් සමස්ත සමාජය මට්ටමින් එය කළ හැකියි. සියදිවි නසා ගැනීම්වලට මාධ්‍ය වාර්තා කිරීම් ද දායක වී තිබෙන බවට පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. මේ සඳහා මාධ්‍යවේදීන් මාර්ගෝපදේශ ඇතිකරගැනීම අවශ්‍යයි.
මේ පිළිබඳව 1995 ජාතික ප්‍රතිපත්තියක් සකස් කළා. එහි නිර්දේශ හයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා දෙස නැවත බැලීම වැදගත් යැයි සිතනවා.
මෙහිදී මාධ්‍ය භූමිකාව වැදගත්. ජීවිතයේ වටිනාකම ඉස්මතු වන ලෙස දැක්වීම, මියගිය අයගේ වීරත්වය ආරූඪ වන ලෙස වාර්තා නොකිරීම ආදී වශයෙන් ඒ දෙස ගැඹුරින් බැලිය යුතුයි.
වාර්තාකරණයේ දී ඒ පිළිබඳව සැලකිළිමත් විය යුතු බවත් ඊට වඩා ජීවිතයේ වටිනාකම පාඩමක් ලෙස වාර්තාකිරීම යහපත් බවත් විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.