නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

    සැප්තැම්බර් 03, 2015
    මෙවර (2015) රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය  උත්සව දේශන මෙම මස 07 වෙනි දින ප.ව.3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
    රාජ්‍ය සාහිත්‍ය  අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන මෙම උළෙල මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යලයේ සමාජ විද්යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා “නවීකරණය වන සමාජයේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය” යන මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතයි.
    “පුරාණ නාඩගමේ අධ්‍යතන ස්වරූපය” යන මැයෙන් ප්‍රසාංගික සන්දර්ශන දේශනය ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය මහතා විසින් පවත්වනු ඇත.
    අදාළ දේශනවල මුද්‍රිත පිටපත් එදිනට සහභාගීවන්නන් සඳහා නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya