අද පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොන මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.
දෘශ්‍ය ලෙස හිරු දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව ම ඉහළින් පවතී. අද (31) දහවල් 12.12 සිලාවතුර, වවුනියාව, අඩම්පන්, කුම්පුරුපිඩ්ඩි යන නගරවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
NDH