ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2016 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමට සඳහා පවත්වනු ලබන තරග විභාගය සැප්තැම්බර් 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම විභාගය කොළඹ දී පමණක් පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 4,720ක් සුදුසුකම් ලබා සිටිති.