අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ තෙවන ගුණානුස්මරණ දේශනය

    අගෝස්තු 13, 2015
    විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ ගුණානුස්මරණ උත්සවය තෙවන වරටත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසකගේ මෙන්ම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රත්මලාන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේ දී පසුගිය දින පැවැත්විණි. 
    විශ්‍රාමික ධජ නිලධාරී සංගමයේ ආරාධනයෙන් එහි අනුස්මරණ දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ˝සමුද්‍රාසන්න රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව: ඉන්දියන් සාගරයේ සාගරික ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම හා කාර්යභාරය ˝ යන තේමාව යටතේ පැවැත්විය. 
    දේශනය ආරම්භ කිරීමට ප්‍රථම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතා පිළිබඳ මතකය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ නාවික හමුදාධිපතිතුමන් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කිරීම පිළිබඳ ව විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයට සිය කෘතවේදීත්වය ද පළ කර සිටියේය.
    කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතා 1977 – 1981 වර්ෂයන් හිදී යුද හමුදාපති වශයෙන් සේවය කර ඇති අතර, යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වශයෙන් කටයුතු කර ඇත. ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පත්වීම් ලැබූ ඩෙනිස් පෙරේරා මහතා හට මව්බිම වෙනුවෙන් සිදු කළා වූ සේවය අගයමින් ලක් රජය විසින් 2000 වර්ෂයේ දී දේශමාන්‍ය යන ගෞරව නාමය පුද කරනු ලැබීය. 
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya