සැප්තැම්බර් 20, 2020
tami eng youtube  twitter facebook

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වැටලීම් 197ක්

    අගෝස්තු 11, 2015
    2015 මහ මැතිවරණයට අදාළ ය පසුගිය ජුනි 26දා සිට ඊයේ (10) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ  වැටලීම් 197ක් සිදු කොට ඒ හරහා සැකකරුවන් 447ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
     
    මෙලෙස වැටලීම් සිදු කොට ඇත්තේ නීති විරෝධ පෝස්ටර් ප්‍රදර්ශනය, අපේක්ෂකයා නොමැති අවස්ථාවලදී රථවාහනවල අපේක්ෂකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරගෙන යාම, ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා විධිමත් බලපත්‍රයක් ලබානොතිබීම වැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.
     
    තර්ජනය කිරීම්, දේපළ හානි, පහරදීම වැනි සිද්ධීන්ට අදාළ ව මැතිවරණ පැමිණිලි 255ක් ලැබී ඇති අතර සැකකරුවන් 123ක් අත්අඩංගුවට ‍ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya