මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක්

    අගෝස්තු 08, 2015
     
    සමුද්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක්  ඇරඹේ. 
    Expo 2012 yeosu Korea Foundation ආයතනය හා අවබෝධතා සිහිපත අත්සන් තැබීම අද  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙහි මෙහෙයුම් කළමනාකාර ඒ.ජේ.එම්.ගුණසේකර මහතා පවසයි. 
     
    Expo 2012 yeosu Korea Foundation  ආයතනය  මේ සඳහා මුල්‍යාධාර සපයන අතර Korea Maritime Institute හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය  එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි ව්‍යාපෘති කාලය වසර 2 ක් වන අතර මෙහි පළමු අදියර සඳහා Expo 2012 yeosu Korea Foundation ආයතනය ඩොලර් 14,000  ක් ලබා දීමට නියමිතය.
     
    මෙහි මුල් අදියර යටතේ  සමුද්‍රයට අපද්‍රව්‍ය එකතු වන ප්‍රභවයන්, කුමන වර්ගයේ අපද්‍රව්‍යයන්ද, එයින් සාගරයට ඇතිවන බලපෑම, එයින් ඇතිවන බලපෑම අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බැලීමට නියමිතය. 
     
    පළමු අදියර යටතේ ගල්කිස්ස හා මීගමුව  ප්‍රදේශ මෙම පර්යණ කටයුතු සිදු කිරීම සදහා තෝරා ගෙන ඇත.
     
    සංචාරක කර්මාන්තය හා ධිවර කර්මාන්තය බොහෝ විට මෙම සමුද්‍රීය දුෂණයට හේතුවක් වී ඇත. මෙය අනාගතයේදී මෙම කර්මාන්තයන්හි තිරසාර බවටද  බලපෑම් ඇති කළ හැකි හෙයින් මෙම ව්‍යාපෘති තුලින් මෙය අවම කර ගැනීම අපේක්ෂාවයි.
     
    ඉදිරියේදී මෙම අපද්‍රව්‍ය ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා කොරියානු රජයේ ආධාර ලබා ගැනීමට හැකිවනු ඇතැයිද ගුණසේකර මහතා පවසයි.
     
    AP
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya