අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් 75,000 ට නිවාස පහසුකම් හා සංවර්ධන පහසුකම් සැලසේ

    අගෝස්තු 08, 2015
     
    කොළඹ නගරයේ සිදු කිරීමට සැළසුම් කොට තිබු සුවිසල් සංවර්ධන කටයුතු හේතුවෙන් කඩා ඉවත් කිරීමට නියමිතව තිබු අඩු පහසුකම් සහිත ජනාවාස සුරක්ෂිත කරමින් එහි නිවාස ලාභීන්ට වඩාත් පහසුකම් සහිත නිවාස ඉදිකරලීමට රජය තිරණය කර ඇති බව නිවාස සංවර්ධන අධිකාරියෙහි 
    සභාපති ලක්විජය පලන්සුරිය මහතා පවසයි.
    මේ අනුව නිවාස සංවර්ධන අධිකාරියට අයත් කොළඹ නගරයේ අක්කර 300 කට අධික භුමි ප්‍රමාණයක විහිදි පවතින අඩු පහසුකම් සහිත ජනාවාස 173 ක කඩා ඉවත් කිරීම සඳහා හඳුනාගත් නිවාස ඒකක 20,121ක් පැවති අතර  ඒ සියළු නිවාසයන්හි හිමිකම නිවාසලාභීන්ට ලබා දෙමින් එම නිවාස සංවර්ධනය කර ගැනීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අවශ්‍ය පහසුකම් ලබා දේ.  
     
    එමෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපෘති 32 ක් තුළ නිවාස ඒකක 1756 ක  පවුල් සදහා සින්නක්කර ඔප්පු ලබාදීමටද කටයුතු යොදා ඇත.  
     
    කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා අසුව දශකයේ මුල් භාගයේදී ලබාදුන් පර්.2 ක බිමි කොටසේ අයිතියද ඉදිරි මාස කිහිපය තුල දී නිවාස ලාභීන්ට හිමිවනු ඇත.මේ අනුව නිවාස ක්‍රම 108 ක නිවාස ලාභීන් 18,822 කට මෙම අයිතිය හිමිවේ.
     
    කොළඹ නාගරික බල ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි දිර්ඝ කාලයක් තාවකාලික නිවාස ඉදිකොට ඇති නිවාස හිමියන් බදු පදනම යටතේ එකී නිවාසයන්හි  හිමිකම් ලබා දීමේ වැඩ සටහනක්ද ක්‍රියාවට නංවා ඇත.එමගින් කොළඹ නාගරික ජනාවාසයන්හි ජීවත්වන පවුල් 20,000 කට සෙත සැලසේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya