මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම යහපත් ප්‍රවණතාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. මේ හේතුවෙන් මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පවැත්වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය වෙමින් පවතින බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට මේ දක්වා සිදුවීම් දහස ඉක්මවා තිබෙන බව කැෆේ සංවිධානය වෙත තොරතුරු වාර්තා වෙයි.