අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

    අගෝස්තු 07, 2015

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද අද (7) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya