ඉන් බහාලුම් දෙකක් ආනයනය කර තිබුණේ ඉන්දියාවෙනි. එම බහාලුම් දෙක තුළ ඇති මත්පැන්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බව රේගුව පවසයි. ඉන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි පහකට ආසන්න වේ.
විවෘත කෙරුණු අනෙක් බහාලුම ඩුබායි සිට ආනයනය කර තිබෙන අතර එහි විදේශීය මත්පැන්වලට අමතරව දුම්වැටි තොගයක් ද තිබී සොයා ගැනුණි. ඒවායේ වටිනාක ම රුපියල් ලක්ෂ 40ක් පමණ වන බව රේගුව සඳහන් කළ අතර ඉන් රටට අහිමි වී ඇති බදු ආදායම රුපියල් එක්කෝටි 37 ලක්ෂකට අධික වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
NDH