අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැඟෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.