කොළඹ නගරය මුල් කොටගත් බස්නාහිර පළාත හා දිවයිනේ සෙසු පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් මධ්‍ය ආදායම්ලාභී නිවාස අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් අරඹා ඇත.
මධ්‍ය ආදායම්ලාභී නිවාස අවශ්‍යතාවය අනුව සැලකිය යුතු නිවාස අවශ්‍යතාවයක් රට තුල පවති. පෞද්ගලික අංශය දිරිගැන්විමත් රජයේ උපරිම දායකත්වය ලබා දෙමින් මධ්‍ය ආදායම්ලාභින් සඳහා කුලී නිවාස අවශ්‍යතාවය සපුරාලීමට කුලී නිවාස ඉදිකිරීමේ වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
AP