අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම පද්ධතියක්

    ජූනි 27, 2015
    පළාත් පාලන ආයතනවලට තේරී පත් වී සිටින හා තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදී ඔවුන් වෙනුවෙන් එය ක්‍රියාත්මක කිරීමට මෙන් ම එම ආචාර ධර්ම පද්ධතිය පළාත් සභාවන් වෙත යොමුකර අදහස් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු කොට ඇත.
     
    මෑත කාලසීමාව තුළ සිදුකරන ලද විමසීම් අනුව පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් 104 දෙනෙකු සඳහා විවිධ වු වැරදි හා දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීම, චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම, අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සිදු වෙමින් පවතී. එමෙන් ම වාර්තා නොවූ එහෙත් දූෂණ චෝදනා එල්ල වූ මහජන නියෝජිතයන් ද සිටින බවට කරුණු ඉදිරිපත් වී ඇත.
     
    වර්තමාන රජයේ යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමට පියවර ගෙන ඇත්තේ වැරද හා දූෂණ වළක්වා ගැනීමේ අරමුණු පෙරදැරිවය.
     
    මෙරට මහ නගර සභා 23ක්, නගර සභා 41ක්, ප්‍ර දේශීය සභා 271ක් වශයෙන් පළාත් පාලන ආයතන335ක් සංස්ථාපනය කොට පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya