මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ඉන්දීය ජනාධිපති කලාම් අද දිවයිනට

    ජූනි 25, 2015

    තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා අද (25) ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිණී කොළොන්නේ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ (24) විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

     

    විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා මෙරට දී පැවැත්වෙන බලශක්ති සමුළුවකට සහභාගි වන අතර මේ මස 27 දා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම බලශක්ති සමුළුව හෙට (26) දිනයේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

     

    කලාම් මහතා හෙට දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

     

    "ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්" යන මැයෙන් මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ‍හෙට පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වන ඒ මහතා පාසල් දරු දැරියන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500ක් ඉදිරියේ විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya