මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය නියෝජිතයෝ නවදෙනෙකුට පත්කෙරේ

    ජූනි 25, 2015

    විදේශ කටයුතු අමාත්‍යංශය විසින් රටවල් නවයක් සඳහා නව රාජ්‍ය නියෝජිතයන්ගේ පත්වීම් ඊයේ (24) දිනයේ දී තහවුරු කරන ලදී.

     

    උසස් නිලතල සඳහා නාමයෝජනා නවයක් පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබුණි.

     

    බදාදා (24) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මෙනෙවිය පැවසුවේ රටවල් නවය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා රජය අනුමත කර ඇති බවයි.

     

    එම පත්වීම් නම්:

     

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා (විශ්‍රාමික) - බ්‍රසීලයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික වයි.කේ.ඒ. රොහාන්ජිත් මහතා - ඉරානයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික පී. සෙල්වරාජ් මහතා - ඊශ්‍රායෙලයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික ඒ.එම්.ජේ. සාදික් මහතා - නෙදර්ලන්තයට ශ්‍රී ලංකා තානාපති
    හිටපු ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ආර්.එම්. දයා රත්නායක මහතා (විශ්‍රාමික) - පකිස්තානයට ශ්‍රී ලංකා මහ කොමසාරිස්
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා - කටාර් රාජ්‍යයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික ආර්.ඩී. රාජපක්ෂ මහත්මිය - ස්වීඩනයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික හා හිටපු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය - තායිලන්තයට ශ්‍රී ලංකා තානාපති
    ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජික එස්.එච්.යූ. දිසානායක මහත්මිය - වියට්නාමයට ශ්‍රී ලංකා තානාපති

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya