අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් සරණාගතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

    ජූනි 25, 2015

    වසර කිහිපයක් තිස්සේ ඉන්දියාවේ කඳවුරු තුළ රැඳී සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 46දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා තිරුචි ගුවන් තොටුපොළින් සිය මව්රට බලා පිටත්ව ගිය බව ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරයි.

     

    මෙය මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඉන්දියාවේ සිට නැවත සිය ගම්බිම් කරා පිටත්ව ගිය දෙවන සරණාගතයින් කණ්ඩායම වේ.

     

    කාන්තාවන් 18 දෙනෙකු ඇතුළු මෙම සරණාගතයින් කණ්ඩායම තිරුචි, පුදුකොට්ටායි, සලීම්, රාමනාතපුරම්, විරුදනගර්, තූත්තුකුඩිය හා ශිවගන්ගා යන දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන කඳවුරුවල ජීවත් වී තිබේ.

     

    ඔවුන් විවිධ ස්ථානවලින් ගුවන් තොටුපලට පැමිණ ගුවන් තොටුපළේ දී ආගමන සහ රේගුවේ විධිමත් පරික්ෂාවකින් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානයකින් (යූ එල්-132) ශ්‍රී ලංකාව බලා ගිය බව ‘ද හින්දු‘ වාර්තා කරයි.

     

    මෙම සරණාගතයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික්කයේ පොලිසිය නැවත පිටව යාම සම්බන්ධව කිසිදු විරෝධයක් නොමැති බවට සහතික ලබා දුන් පසු අදාළ දිස්ත්‍රික් ඒජන්තවරයා විසින් පිටවීමේ අවසර පත්‍ර නිකුත් කිරීම සිදු කර ඇත.

     

    මෙම සරණාගතයින්ට එරෙහිව කිසිදු පොලිසියේ නඩුවක් හෝ පැමිණිල්ලක් නැති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

     

    ඔවුන් දිවයිනේ සිවිල් යුද්ධය උච්ඡතම යුගවල දී බෝට්ටු මගින් ඉන්දියාවට පැමිණ තිබේ.

     

    මෙම වසරේ මැයි මස මැද භාගයේ දී, ඉන්දියාවේ විවිධ කඳවුරුවල සිටි 41දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිරිසක් පිටව යාමේ අවසරය ලබා ගැනීමෙන් පසු නැවත මව්රට බලා පැමිණියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya