ජාතියක් වශයෙන් අපට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඇති බවත් අවුරුදු 64 කට පෙර 1951 සැප්තැම්බර් මස 6 වන දින ජපානය වෙත සානුකම්පිකව සලකන මෙන් සමස්ත ලෝකය වෙත ආයාචනා කල පරිදිම, දැන් අප විසින් අපගේම ජනතාව කෙරෙහි එම ආයාචනය පරිදි ක්‍රියා කල යුතුව ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
විදේශ අමාත්‍යවරයාගේ එම කතාවේ දී කළ විශේෂ ප්‍රකාශයන් මෙසේය.
“අද දින ආසියාව තුල සාමය ගොඩනැගීම , ජාතික සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෙම ඉහල මට්ටමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සියළු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථිරසාර සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ළගාකරගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මා බෙහෙවින් සතුටු වෙමි.
දීර්ඝ කාලයක් තිස්සේ ජපානය ශ්‍රී ලංකාවේ ඉතා හොඳ මිත්‍රයකු වේ. ශ්‍රී ලංකාව මුහුණදුන් දුෂ්කර අවස්ථා වලදී ජපාන රජය හා එහි ජනතාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් අවශ්‍ය සහය ලබාදෙන ලදි. මෛත්‍රිපාල සිරිසේන රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් ජපානය වෙත කල මාගේ මෙම පළමු නිල සංචාරයේ දී අප රටවල් දෙක අතර පවතින මෙම සුවිශ්ෂී සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම මගේ අපේක්ෂාවයි.
දැඩි ලෙස ඒකපාර්ශ්වීය වූත්, දෝෂ සහිත වූත් මැතිවරණ ව්‍යාපාරයක් තුල විපක්ෂයේ දේදුනු සන්ධානය ප්‍රජාතාන්ත්‍රවාදී හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතිකිරීම වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥාවක් ලබාදෙමින් ජනවාරි 8 වන දින තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.
ඒ අනුව ඒකාධිපතිවාදයට එරෙහිව අවිහිංසාවාදය භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තමන් තුල ඇති කැපවීම ප්‍රදර්ශනය කරන ලදි. අරාබි වසන්තයේ දී මෙන් ගල් මුගුරු, වෙඩි උණ්ඩ නොව දේදුනු විප්ලවයේ දී යොදා ගැනුනේ මිනිසුන්ගේ ඡන්ද බලයයි.
ඒ අනුව, ජාති ආගම් හා භාෂා භේදයකින් තොරව රටේ සියළු පුරවැසියන්ගේ නියෝජනයෙන් යුතු ඡන්දයකින් සැබෑම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකු පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බැව් කිව හැක.
රටේ සියළු පුරවැසියන් වාර්ගික, සංස්කෘතික, හා භාෂාමය වෙනස්කම් අගය කෙරෙන එක්සත් නව ශ්‍රී ලංකාවක් ඇති කරන බවට පොරොන්දු වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වූහ. තමන්ගේ බලාපොරොත්තුව වූ ශක්තිමත් ස්වාධීන රාජ්‍ය ආයතන පිහිටුවීම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම, යහපාලනය ඇතිකිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනාදිය ඇතිකිරීම සඳහා කැපවූ නායකයෙකු පත්කිරීම සඳහා කටයුතු කලහ.
ඔබ සියළු දෙනා දන්නා පරිදි වැඩ භාරගත් දින සිටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය මෙම වෙනස්කම් ඇතිකිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබූහ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම තවත් සුළු පක්ෂ කිහිපයක් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රතිවාදී ස්වරූපයේ දේශපාලනයෙන් බැහැරවීමට තීරණය කර ඇත. කෙටිකාලීන දේශපාලන වාසි ලබාගැනීම සඳහා බලය අත්පත් කරගැනීම හා බලයේ රැඳි සිටීම උදෙසා ක්‍රියා කීරීම වෙනුවට මහජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා උදෙසා කැපවී ක්‍රියාකිරීමේ වැදගත්කම ඔවුන් විසින් හඳුනාගෙන ඇත.
මේවා අතුරින් වඩාත්ම වැදගත් වනුයේ අප රට නැවත් කිසිදාක නිදහසෙන් පසු අප මුහුණ දුන් ප්‍රචණ්ඩත්වය හා ගැටුම්කාරී තත්වය අත් නොදකින බව තහවුරු කිරීමයි. එමෙන්ම වෙනස්වූ මත දැරුවත්, වෙනස් වූ භාෂාවන් කථා කලත්, වෙනස් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කලත් අප රටේ ජීවත් වන සියළු පුරවැසියන් එක භුමියක ජීවත්වන බව සිහි තබා ගැනීමයි. ඒ අනුව අප සියළු දෙනා එක් ජාතියක් බවත් අපගේ භූමිය තුල අප සියළු දෙනා එක්ව අප රට සංවර්ධනය කිරීම සඳහා වැඩකලයුතු බවත් සිහි තබා ගැනීම ඉතා වැදගත් වේ.
පසුගිය දශක කිහිපය පුරාවට අප රට තුල පැවැති ප්‍රචණ්ඩත්වය කෙසේ වුවද අප රටේ ජීවත් වන සියළු වර්ගයේ ජනයා තුල තවමත් හොඳ හිත ආරක්ෂා වී පවතී. ඔවුන් දැනට ලොකයේ පවතින ප්‍රධාන ආගම් 4 වන බුදුදහම, ක්‍රිස්තු දහම, හින්දු ආගම හා ඉස්ලාම් ධර්මය මගින් උගන්වන සාමය, කරුණාව හා සහෝදරත්වය යන ගුණාංග වලින් මෙහෙයවනු ලැබෙති.
සියළු පාර්ශවයන් නියෝජනය කරන ලද දේශපාලන නායකයන් අතින් වැරදි සිදුවී ඇති බව අප පිලිගන්නෙමු. පටු දේශපාලන අරමුණු උදෙසා ක්‍රියාකිරීම හේතුවෙන් රටේ ජනතාව අතර හොඳ හිත පළුදු වී දුරස්ථභාවය වැඩිවී එමඟින් විශාල ප්‍රශ්න රැසක් නිර්මාණය වූ බව දැන් අපට වැටහේ. මෙම අවබෝධය මත පදනම්ව දැන් අප අළුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙමු. එහි දී සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකිම තහවුරු කිරීම අපගේ අපේක්ෂාවයි.
මෙසේ අපේක්ෂිත පියවර අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් ද ඇතුලත් හිමිකම් පනතක් අඩංගු වන ව්‍යවස්ථාවක් බිහිකිරීම ද පවතී. මෙය වනාහි සියළු පුරවැසියන්ගේ හා ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරන නව ව්‍යවස්ථාවක් වේ. තම ප්‍රදේශයට අදාල කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී මහජන සහභාගීත්වය වැඩිකෙරෙන ව්‍යවස්ථාවකි. එය වඩාත් වගකීමකින් යුත් රජයක් බිහිකිරීමට උපකාර වනු ඇතැයි අපේ විශ්වාසයයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අඩංගු මෙවන් ව්‍යවස්ථාවක් අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇතිකිරීමටත් යුක්තිය හා නීතියේ ආධිපත්‍යය සහිත ස්ථීරසාර සාමයක් ඇතිකිරීම සඳහාත් අත්‍යවශ්‍ය වේ.
අතීතයේ දකුණේ ඇතිවූ කල කෝලාහල හා උතුරේ ඇතිවු ගැටුමකාරී තත්වයන් නැවත වතාවක් ඇතිවීම වළක්වාගැනීම සඳහා සියළු ජාතීන් හට සමාන අවස්ථා ඇති බව දැනීමට සැලැස්විය යුතු බවත් ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී ඔවුන්ට තම දායකත්වය ලබාදීමට ඇති හැකියාව තහවුරු කල යුතු බවත් දැන් අපට අවබෝධ වී ඇත. ජාති භාෂා භේදයකින් තොරව සියළු ජාතීන් හට තමන් සමාන අයිතිවාසිකම් බුක්ති විඳින සමාන පාර්ශ්වකරුවන් බව දැනිය යුතුය.
මෙම අරමුණ සඵල කරගැනීම සඳහා ජාතියක් වශයෙන් අප දැන් බියෙන් හා සැකයෙන් තොරව නැගී සිටිය යුතුය. මේ සඳහා කවුරුන්, කාට, කුමක්, කෙදින, කලේ දැයි සිතීමට පුරුදු වී ඇති මානසික තත්වය වෙනස් කල යුතුය. වෛරය හා පලිගැනීමේ චේතනාව පරදා නැගී සිටිය යුතුය.
ජාතියක් වශයෙන් අපට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඇත. අවුරුදු 64 කට පෙර 1951 සැප්තැම්බර් මස 6 වන දින ජපානය වෙත සානුකම්පිකව සලකන මෙන් සමස්ත ලෝකය වෙත ආයාචනා කල පරිදිම, දැන් අප විසින් අපගේම ජනතාව කෙරෙහි එම ආයාචනය පරිදි ක්‍රියා කල යුතුව ඇත. සියල්ල අමතක කිරීම පහසු කාර්යයක් නොවේ. මිනිසාගේ මතකය, ඔහු කෙතරම් උත්සාහ කලත් සියල්ල අත හැරීමට අකමැතිය. නමුත් මිනිසුන් හට අත්වැරදීම්, භීතිය, වෛරය සහ පලිගැනීම පරදා නැගී සිටිමින් සානුකම්පිකව, මානව දයාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ඇත. සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරකින, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය රජයන, අනාගත පරම්පරාව වෙනුවෙන් සෞභාග්‍යයෙන් සපිරි රටක් ගොඩනැගීම සඳහා එක්ව වැඩකිරීම සඳහා අවශ්‍ය ගුණාංග මේවා වේ.
මෙම ගමනේ දී අපට විදේශ ගතව සිටින අප මිතුරන්ගේ හා සුභපතන්නන්ගේ උදව් අවශ්‍ය වේ. අවසන් වශයෙන් ජපානය හා ජපාන ජනතාව විසින් අප වෙත දක්වන ලද අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර අප දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද අප අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාව පාරාදීසයක් කරලීම සඳහා අප විසින් ආරම්භ කර ඇති ජාතිය ගොඩනැගීම සඳහා වූ මෙම අභියෝගාත්මක ගමනේ දී, ජපානය අප සමඟ අත්වැල බැඳගනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනාවයි. “
SDF