අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අවභාවිත ගැන පරීක්ෂණ සිදු කෙරෙනවා - මන්ත්‍රී අශොක් අබේසිංහ

    ජූනි 23, 2015

    රටක් ඉදිරියට ගමන් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් බවත් එවැනි මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    හෙළිදරව්ව සඳහා පැවති මාධ්‍ය හමුවේදී අද (23) ඒ මහතා මේ බව සඳහන් කළේය.

    සාමාන්‍ය පුද්ගයෙකුට නීති රීති රැසක් මත ණය මුදල් ලබා ගැනීමට සිදු වුවත් කිසිදු ඇප මුදලක් නොමැතිව රජයේ බැංකුවට අනුබද්ධ ආයතනයකින් රුපියල් මිලියන 140ක් පෞද්ගලික ආයතනයකට ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    බැංකුවක් මඟින් ණය මුදලක් ලබා ගැනීමේදී ඇපයක් අනිවාර්ය වන අතර රාජ්‍ය බැංකුවක් මඟින් ණය මුදලක් ලබා ගැනීමට ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදු වන බව සඳහන් කළ ඒ මහතා රජයේ ආයතන අතර සිදු වන ගනුදෙනු සඳහා පෞද්ගලික බෝකර්වරුන් යොදා ගත් බවට ද තොරතුරු හෙළිවී තිබෙන බව පැවසීය.

    මෙවැනි මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වෙන අතර පරීක්ෂණ අවසන් වූ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya