මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් යානා අනතුරු විමර්ශනය කිරීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය සමුළුව 23 වනදා

    ජූනි 22, 2015
     
    ගුවන්යානා අනතුරු විමර්ශනය කිරීම පිළිබද ආසියා ශාන්තිකර කලාපීය  කණ්ඩායමේ තෙවන සමුළුව හා අනතුරු විමර්ශන වැඩමුළුව ජුනි 23 -26 දක්වා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වේ. 
    ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ මුලිකත්වයෙන්  ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින්  සංවිධානය කරන මෙම සමුළුව හා වැඩ මුළුව සඳහා  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20 ක නියෝජිතයින් 45 දෙනෙකු සහභාගීවිමට නියමිතය.
       
    මෙහිදී ගුවන්යානා අනතුරු විමර්ශනය සදහා යොදාගතහැකි නව ක්‍රමවේදයන් පිළිබඳව හදුන්වාදීම, එක්එක් රාජ්‍යයන්හි ඒ පිළිබද දැනුම හා හැකියාව වැඩි දියුණු කිරීම හා  අනතුරු විමර්ශනය පිළිබද කලාපීය සැලැස්ම පිළිබඳ සාකච්ජා කිරිමටද නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya