අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් හා තරුණ පරපුර රකින්න කාර්ය සාධක බලකායක්

    ජූනි 20, 2015
     
    ‍‍ෆේස් බුක්  හා ඉන්ටර්නෙට් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ජංගම දුරකථන සම්බන්ධිත යෙදුම් හරහා ළමයින් හා තරුණ පරපුර වෙත සිදුවන අයුතු බලපෑම් හා ලිංගික හිංසනයන්ට එරෙහිව ක්‍රියා කිරිමට ජාතික ළමා ආරක්ෂණ  අධිකාරිය කාර්ය සාධන බලකායක් පත්කර ඇත.
    ජාතික ළමා ආරක්ෂණ  අධිකාරිය, නීතිපති දෙපරේතමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය හා රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්ගෙන් මෙම කාර්ය සාධන බලකාය සමන්විත වේ.
     
    අන්තර්ජාලය හා දුරකථන උපයෝගි කරගෙන හිංසනයන් සිදුකරන පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ සිදු කර අධිචෝදනා ගොනු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, බලහත්කාරි සයිබර් අපරාධ හා හිංසනයන්‍ට සම්බන්ධව නව නීති රීති කෙටුම්පත් කිරීමට අවශ්‍ය නිර්දේශයන් ලබා ගැනීමත් කාර්යසාධන බලකාය  මගින් සිදු කරනු ලබයි.
     
    ජාතික ළමා ආරක්ෂණ අධිකාරි‍යේ සයිබර් විමර්ශන ඒකකය පසුගිය සමයේ  පැමිණිලි ලබා ගැනීමට හා ඒවා විමර්ශනයට ලක්කර ඇති අතර අපචාරාත්මක චර්යාවන්හි යෙදෙන වෙබ් අඩවි  පිළිබඳව නිරීක්ෂණය කරනු ඇත.
     
    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පාසැල්වල ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතය සඳහා මොඩියුලයක් සංවර්ධනය කිරිමට කටයුතු යොදා ඇත.මෙම මොඩියුලය කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක පරික්ෂණ ම්ට්ටමින් ක්‍රියාත්මක කෙරෙන අතර පසුව දිවයින පුරා ව්‍යාප්ත ‍කිරීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya