මධ්‍යම සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
එමෙන් ම දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශයේ නිරිත දෙසින් හමන තද සුළං පැවැතිය හැකි බවද කාලගුණ නිවේදනය පවසයි.