අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19ට තිබූ උනන්දුව 20ට නැතැයි කීම අසත්‍යයක්

    ජූනි 12, 2015
    19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායකය සතු බලතල පාර්ලිමේන්තුවට පැවරීමට එක්සත් ජාතික පක්ෂයට තිබූ උනන්දුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට නෑ කියන කථාව සම්පූර්ණයෙන් ම අසත්‍යක් බව තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
     
    "අපි බලයට පත් වෙන්න පෙර, 19 වන සංශෝධනය  වගේ ම නව ඡන්ද ක‍්‍රමය සඳහා වන  20 වන ව්‍යවස්ථා  සංශෝධනයත් ජනතාව හමුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වුණා. එදා වගේම අදත් උදා වෙන හෙට දිනයේත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත් ඒ පොරොන්දුව ඉටු කිරීමට දිවි හිමියෙන් කැප වී සිටිනවා. එහෙත් බංකොලොත් සහ අරාජික දේශපාලන බලවේග තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වැරදි දේශපාලන මත සමාජගත කිරීමට උත්සහ ගනිමින් සිටිනවා".
     
    මේ රටට නව ඡන්ද ක‍්‍රමයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස හැමදාම පිළිගත් බවත් මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාව ඒ බව දන්නා බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඇතැමුන්ට අතීතය අමතක වූව ද ඡුන්ද ක‍්‍රම සංශෝධනයක් පිළිබඳ ව එක්සත් ජාතික පක්ෂයේ තිබෙන නම්‍යශීලීත්වය සහ නැඹුරුව පිළිබඳ මේ රටේ බුද්ධිමත් ජනතාව සාක්ෂි දරන බවත් කීය. 
     
    "2005 සිට 2015 දක්වා මේ රටේ පැවති  දස අවුරුදු රාජපක්ෂ පාලනය, අවම වශයෙන්  නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම පිළිබඳ මූලික අවධානයක් යොමුකිරීමට පවා අසමත් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය සිය පාලන සමය තුළ කළේ බඩගෝස්තරවාදී, කලු සල්ලිවලට යටවුණු දේශපාලනය ශක්තිමත් කිරීම පමණයි". 
     
    20 වන සංශෝධනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ආත්මීය ලෙස කැපවන බවට සපථ වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා රාජපක්ෂ කල්ලිවාදයට, 20 වන සංශෝධනය මුවාවෙන් පටු දේශපාලන වාසි ගැනීමට ඉඩ නොතබන බව ජනතාව හමුවේ පක්ෂයක් ලෙස අවධාරණය කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya