මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්ස වුවමනා නැත්නම්,ඡන්දයකට යමු

    ජූනි 10, 2015

    A ranil wikramasihaසන්ධානය තවමත් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි තේරුම් ගෙන නොමැති බවත් විස්ස වුවමනා නැත්නම්,ඡන්දයකට ගොස් මේ ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් මේ බව පැවසී ය.

     

    එහිදී වැඩිදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,

     

    සන්ධානය තවමත් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි තේරුම් ගෙන නෑ.ජනවාරි 08 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරලා,ජනතා වරම ඉවත් කලාට පස්සේ,මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන් පාර්ලිමේන්තුවෙත් වරම නැති වුණා.

     

    එහෙත් අද කතා කරන්නෙ තමන්ට තවමත් ජනවරමක් තිබෙනවා කියලයි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට වරමක් දුන්නාම,මට ඇතුළු සියලු දෙනාටම ආණ්ඩුවක් හදන්න වරමක් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එයට ඇතුළත් කරන්න වරමක් දුන්නා. දැන් එය වෙනස් කරන්න අවශ්‍ය නම් ජනතාව ඉදිරියට යන්න ඕන.

     

    මේ පාර්ලිමේන්තුවට පුළුවන් කියලා අගමතිවරු මාරු කරන්නට, එසේ නම් එය ජනතාව පාවා දෙන ක්‍රියාවක්. එක්කෙනෙක්වත් ලෑස්ති නෑ ඡන්දයකට යන්නට.විස්ස වුවමනා නැත්නම්,ඡන්දයකට යමු.ඡන්දයකට ගිහිල්ල මේ ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලබාදෙන්න ඕන.

     

    අපේ පාක්ෂිකයන් එදා ජිවිත පූජා කළේ,රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි. වරමක් නැතිව කැමැති විදියට ආණ්ඩු හදන්නට ඉඩ දෙන්නේ නෑ. ඒ බලය ජනතාවට ලබාදෙන්න අවශ්‍ය යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya