මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය සමරවීර මහතා ජපානයේ සංචාරයක

    ජූනි 10, 2015

    ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ෆූමියෝ කිෂිඩා මහතාගේ ආරාධිතයෙකු වශයෙන්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජූනි 17 සිට 20 දක්වා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතය.

     

    මෙම සංචාරයේ දි අමාත්‍ය සමරවීර මහතා දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි, කලාපීය හා බහුපාර්ශවික සංසදවලදී හා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ දී, සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් ගැටලු කිහිපයක් කිෂිඩා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවන් හි නියැලෙනු ඇත.

     

    ජපාන විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ජුනි මස 20වන දින ටෝකියෝ හි පැවැත්වීමට නියමිත “ආසියාවේ සාමය ගොඩනැඟීම, ජාතික ප්‍රතිසංධානය හා ප්‍රජාතන්ත්‍රිකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණයේ“ දී ශ්‍රී ලංකාවේ අත්දැකීම් මත පදනම්ව සාමය ගොඩනැංවීම හා ජාතික ප්‍රතිංධානය පිළිබඳ දේශනයක් ද පවත්වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya