අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20වැනි සංශෝධනයෙන් එන මැතිවරණ ක්‍රමයෙත් ගැටලු

    ජූනි 10, 2015
    20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පරිදි මැතිවරණයක් පැවැත්වීමේ කොට්ඨාස ක්‍රමය අනුව ඇති මන්ත්‍රී ධුර 160ක ප්‍රමාණය 25%කින් අඩුකිරීම නිසා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී පිළිබඳ ව ප්‍රශ්නයක් පවතින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    1977 වසරේ දී ද නව මැතිවරණ ක්‍රමයක් වෙත යාමට සිදුවූයේ මහජනතාවගේ කැමැත්ත පාර්ලිමේන්තුව තුළින් පිළිඹිමු නොවීම නිසා බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවතින ක්‍රමය අනුව මැතිවරණයක් සඳහා මන්ත්‍රීවරයෙකු  අති විශාල මුදලක් වැය කරන බවත් පෙන්වා දෙයි.
     
    "හොඳ නව මැතිවරණ ක්‍රමයක් සාදා තිබෙනවා. නමුත් ඉලක්කම් පිළිබඳ ව ප්‍රශ්නයක් තියෙනවා. විවිධ ජාතීන් ඉන්න ප්‍රදේශ බහු මන්ත්‍රී කොට්ඨාස බවට පත් කළ යුතුයි. සීමා නිර්ණය කිරීම් සිදු කොට කොට්ඨාස 160ක් ලෙසින් නිර්ණය කොට තිබියදී එය 125ක් දක්වා අඩුකිරීම පල නොකියා පළා බෙදීමක් ද කියා සිතිය යුතුයි".
     
    "මෙම නව මැතිවරණ ක්‍රමයේ ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිය 
    හැකියි. ජනතාව බලාපොරොත්තු වන්නේ තමන්ගේ කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. තමන්ගේ ප්‍රශ්න, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරගැනීමේ ක්‍රමයක් පිළිබඳවයි ඔවුන් සිතන්නේ. අන්තවාදී නොවී එක් මැතිවරණ කොට්ඨාසයකින් එක් මන්ත්‍රීවරයෙකුවත් ගෙනෙන ක්‍රමයක් සකස් විය යුතුයි".
     
    රටට ගැළපෙන පැහැදිලි මැතිවරණ ක්‍රමයකට යා යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එවන් යෝජනාවක් සඳහා පමණක් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya