අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙජිස්ට‍්‍රාර් කාර්යාලවල අඩුපාඩු වාර්තාවක් ඇමැති ඉල්ලයි

    ජූනි 10, 2015
    සියලු රෙජිස්ට‍්‍රාර් කාර්යාලවල දැනට පවතින අඩුපාඩු පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුලත තමාට දැනුම් දෙන ලෙසත් මාස දෙකක් තුළ එම ගැටලු නිරාකරණය කරදීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසීය.
     
    රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඊයේ (09)ඒ මහතා මේ බව සඳහන් කළේය.
     
    ජනතාවගෙන් රාජ්‍ය සේවය පිළිබද පැමිණිලි ලැබෙන්නේ ඔවුන්ගේ අපේක්ෂා ඉටු නොවන විට බව පෙන්වා දුන් අමාත‍්‍යවරයා මෙලෙස මහජනතාවට අවශ්‍ය ලේඛණ නිකුත් කිරිම සඳහා කොපමණ දිනක් ගත වන්නේ ද යන්න පිළිබඳ සියලුම රෙජිස්ට‍්‍රාර්වරුන් සිය කාර්යාලවල ප‍්‍රදර්ශනය කිරීමෙන් එය සියලු දෙනාගේ පහසුවට හේතු වන බව පෙන්වා දුන්නේය. 
     
    බස්නාහිර පළාතේ දිස්ත‍්‍රික් ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයක ඔප්පු ලියාපදිංචියේ දී ප‍්‍රමාදයක් ගැන ද අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර  දින 7ක් ඇතුළත ඔප්පු ලියාපදිංචි සිදු වන බවට කරුණු අනාවරණය විය.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ඞී.ඒ.බී. බොරලැස්ස, රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඊ.එම්.ගුණසේකර, නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර් ජනරාල් වසන්ත සන්දිලිගම මහතා මෙන්ම දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර්වරුන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
     
    රෙජිස්ට‍්‍රාර් ජෙනරාල්වරුන්ගේ ප‍්‍රගති සමාලෝචනයක් සඳහා පැමිණි පලමු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඊ.එම්.ගුණසේකර මහතා ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙත සිය ස්තූතිය ද පල කර සිටියේය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya