මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණයන්ගේ අත්දැකීමෙන් අධ්‍යාපනය ගොඩනගනවා- අධ්‍යාපන ඇමැති

    ජූනි 10, 2015
    අධ්‍යාපන පරිපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ අත්දැකීම්, අදහස් සහ සහයෝගය ලබාගනිමින් මේ රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ඊයේ (09) පැවති විශේෂ හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    මේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති, ක‍්‍රමවේද සහ තීන්දු තීරණ ගැනීමට දායකත්වය ලබාදීමට කැමැත්ත සහ හැකියාව ඇති ක්ෂේත‍්‍රයේ සියලුම පරිපාලන නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වන්නට විවෘත ඇරයුමක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තීන්දු තීරණ ගැනීමේ දී රාජ්‍ය ප‍්‍රතිපත්ති, නීති රීති උල්ලංඝණය කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඇතැම් පළාත් සභාවල පවත්නා පරිපාලනමය ගැටලු සහගත තත්ත්වයන් මත නිලධාරීන්ට යම් යම් බලපෑම් හමුවේ නිවැරදි දේ කරන්නට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට පටහැනි නොවන, හරි දේ වෙනුවෙන් පෙනී සිටින අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලු නිලධාරීන් වෙනුවෙන් තමා  ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya