අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුණ්‍ය ග්‍රාම ව්‍යාපෘතිය ඇරඹේ

    ජූනි 10, 2015
    අඩුපහසුකම්වලින් යුත් ග්‍රාමීය ජනතාව ගමේ පන්සල සමඟ ඒකාබද්ධ කර සාරධර්ම පිරිපුන් දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පුණ්‍යග්‍රාම ව්‍යාපෘතියේ 2015 වසරේ දිස්ත්‍රික්ක 4ක් තෝරාගෙන තිබෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කරයි. 
     
    එම දිස්ත්‍රික්ක 4හි අඩුපාඩුකම් සහිත දුෂ්කර විහාරස්ථාන 25 බැගින්  ගම්මාන 100ක් හඳුනාගෙන මෙම පුණ්‍යග්‍රාම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පසුගිය දා ආරම්භ කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගම් මට්ටමේ නිලධාරීන් සම්බන්ධකර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම වසර තුළ අනුරාධපුරය, පොලොන්නරුව, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඒ ඒ ග්‍රාමයේ පවතින ගැටලු හඳුනා ගනිමින් ආධ්‍යත්මික හා භෞතික සංවර්ධනය සිදු කෙරෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.  
     
    දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීම්, ග්‍රාමීය මට්ටමේ දැනුවත් කිරීම්, ප්‍රගති සමාලෝචන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහන මුල් කර ගන්නා විහාරස්ථාන සංවර්ධනය කිරීම මෙමඟින් සිදු වේ. 
     
    ළමා හා කාන්තා හිංසනය පිළිබඳ දැනුවත් කිරීම, සෞඛ්‍ය සංරක්ෂණය, අධ්‍යාත්මික සංවර්ධනය, මනෝ උපදේශනය, මත්ද්‍රව්‍ය නිවාරණය යනාදී වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වේ.
     
    මීට අමතරව ‘චක්‍රීය අරමුදල‘ ඉතා අඩු ණය සහන ලබාදීම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ.
     
    මෙම වැඩසටහන 2018 වසර දක්වා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya