අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා අක්ෂිපටල ප්‍රදාහය ව්‍යාප්ත වීමේ අවදානමක්

    ජූනි 06, 2015

    වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි

    a eyeදිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස් රෝගයක් පැතිරෙමින් පවතින බව කොළඹ ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි.

    අක්ෂිපටල ප්‍රදාහය (Conjunctivitis – pink eye  ) යනුවෙන් හඳුන්වන ‍මෙම ඇස් රෝගය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හට ගනු ලබන අතර දින තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයක් පවතී.

     

    ඇස්වල වේදනාව, කබ සහ කදුළු ගැලීම, ඇස් රතු පැහැවීම සහ උදය කාලයේ ඇස් කබවලින් බැදී තිබීම මෙන්ම මද වශයෙන් පවතින හිසරදය මෙහි රෝග ලක්ෂණ වෙති.

     

    දිනකට මෙවැනි රෝගීන් 100 ක් පමණ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණෙති. සාමාන්‍යයෙන්සෑම වසරකම මැයි, ජුනි හා ජූලි යන මාසවල මෙවැනි ඇස් රෝගයක් දිවයින පුරා වාර්තා වී ඇත.

     

    මෙම අක්ෂි රෝගය වළක්වා ගැනීම සඳහා බස් රථ, දුම්රිය හෝ එවැනි පොදු වාහනවල ගමන් කරන විට හැකි තරම් ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම, මිනිසුන් ගැවසෙන ස්ථානයක සිට නිවසට ගිය පසු විෂබීජ නාශකයක් යොදා මුහුණ සහ අත් හොදින් පිරිසිදු කර ගැනීම කළ යුතයි. එමෙන්ම අනෙක් අයගේ තුවා, ලේන්සු හා ඇදුම් භාවිත නොකළ යුතුය. ඇස්වල වේදනාවක් පවතී නම් ප්‍රතිකාර සදහා පළපුරුදු අක්ෂි වෛද්‍යවරයෙක් වෙත හෝ රජයේ රෝහලක අක්ෂි වෛද්‍ය ඒකකයක් වෙත යොමු විය යුතුය. නමුත් මෙම රෝගය සාමාන්‍ය රෝගයක් වන අතර එමගින් වෙනත් සංකූලතා ඇතිවීමේ අවධානමක් නැත.

     

    කෙසේ වුවද මෙම රෝගය වළක්වා ගත හැකි රෝගයක් බැවින් වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya