මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන සැප්තැම්බර් වන විට අලුත් පාර්ලිමේන්තුවක්

    ජූනි 04, 2015
    මහ මැතිවරණයකට ගොස් ලබන සැප්තැම්බර් වන විට අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරන බව ජනාධිපතිතුමා මෙන් ම අගමැතිතුමාත් ප්‍රකාශ කර ඇති බවත් සුළුතර ආණ්ඩුවේ ස්ථාවර බව මේ මාස 05 තිස්සේ පෙනෙන්නට තිබුණු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (04)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
     
    මැතිවරණ පනත ගැන පක්ෂ, විපක්ෂ සියලුදෙනාගෙන් අදහස් ලබාගෙන කටයුතු කර තියෙනවා. එකඟ වූ කරුණු හා සාකච්ඡා කළ යුතු කරුණු ඉදිරිපත් වී තියෙනවා. අලුත් මැතිවරණ ක්‍රමයකට කාගේත් එකඟතාවක් ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවන දිනය දන්නේ ජනාධිපතිතුමා බව ඔහු කීය.
     
    ජනමාධ්‍ය වේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වැඩකටයුතු රැසක් අරඹන්න ක්‍රියාකර තියෙනවා. 
    ජනමාධ්‍ය නිදහස මේ වන විට තහවුරු කර ඇත. ඕනෑම විවේචනයකට නිදහසක් තියෙනවා. ඒ වගේම මාධ්‍යවේදීන් වෙනුවෙන් තීරුබදු සහන යටතේ යතුරුපැදි ලබා දෙන්න මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තියෙනවා. තීරුබදු සහන යටතේ යතුරුපැදි ලබාදීමේ ජාතික වැඩසටහන යනුවෙන් නම් කරන මේ වැඩපිළිවෙළ සඳහා අදාළ පුවත්පත් නිවේදනය මේ සති අන්තයේ පුවත්පත්වල පළ කරනවා. ජාතික පුවත්පත්වල ඉල්ලුම්පත් පළ කරන නිසා ඒවා සම්පූර්ණ කර ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත එවිය යුතුයි. 
     
    මාධ්‍ය වේදීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිත අතර ඒ සඳහා හෝමාගම, දියගම අක්කර 110ක භූමි භාගයක් වෙන් කර තියෙනවා. එහි මූලික මැනුම් කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කඩිනමින් ආරම්භ කරනවා. නිවාස 1500ක් ඉදිකරන්න සැලසුම් කර තියෙනවා. මේ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya