අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මන් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක

    ජූනි 04, 2015

    ජර්මන් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. මැයි 30 වෙනි දින දිවයිනට පැමිණ මෙම පිරිස හෙට (05) දිනයේ දිවයිනෙන් පිටව යාමට නියමිතය.

    මෙම දූත පිරිස ජර්මානු පාර්ලිමේන්තුවේ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන කාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩැග්මාර් වොර්ල් මහත්මියගේ (Dagmar Wöhrl)  සහ ආර්ථික සහ බලශක්ති කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය පීටර් රැම්සෝර් මහතාගේ (Peter Ramsauer) ප්‍රධානත්වයෙන් යුතුව මෙහි පැමිණ තිබේ.
     


    මෙම සංචාරය අතරතුර මෙම දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළුව විදේශ කටයුතු අමාත්‍ය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, සහ ප්‍රතිපත්ති සංවර්ධන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය යන මහත්වරු සමඟ සාකච්ඡා පවත්වති.

     

    එසේම ඔවුන් උතුරු පළාතේ සංචාරයක ද නිරත විය. මෙම සංචාරය, ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඇති ඉඩකඩ සහ සුදුසු ආයෝජන කලාප හදුනාගැනීමට ජර්මානු ව්‍යාවසායකයින් දිරිගැන්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැහැදිලි කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya