ඒ අනුව ලෝක පරිසර දින ජාතික උත්සවයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරේ.
ලෝක පරිසර දිනය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු දිස්ත්‍රික් කාර්යාල වෙත උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පාලනය වන බෙල්ලන්විල අත්තිඩිය සොබාකෙත මධ්‍යස්ථානයෙන් ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පාසල් සිසුන්ගේ චිත්‍ර තරඟයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.පරිසර හිතකාමී චර්යාධර්ම පද්ධතියක් තුළින් පරිසර සංරක්ෂණ පණිවුඩය සමාජගත කිරීම සඳහා මෙම චිත්‍ර නිර්මාණ තරඟ පැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මෙම වැඩසටහන යටතේ රුක් රෝපණ වැඩසටහන්,ඔසු උයන් වගාවන්, වන වගාවන්,කසළ කළමනාකරණය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.මේ සියලු වැඩසටහන් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.