මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දින සැමරුම් මහෝත්සවය අද විහාරමහාදේවි උද්‍යානයේ දී ඇරඹේ

    ජූනි 05, 2015

    ජුනි මස 05 වෙනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් පවත්වන ජාතික පරිසර දින මහෝත්සවයේ සමාරම්භක උළෙල හා ප්‍රදර්ශනය අද (05) පෙරවරු 09.00 සිට හාරමහාදේවි උද්‍යානයේ දී පැවැත්වේ. අද සහ හෙට (06) දෙදින තුළ මෙම උත්සවය පැවැත්වෙන අතර එහි දී පාරිසරික ප්‍රදර්ශනයක්, පාගමනක්, විවෘත සංවාද, දේශන මාලා සහ සංස්කෘතිකාංග රැසක් පැවැත්වෙනු ඇත.

     

    “බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු“ තේමාව යටතේ පැවැත්වෙන මෙවර පරිසර දින වැඩසටහනේ අද (05) පැවැත්වෙන දේශන මාලවේ ප්‍රධාන දේශනය ‘ලෝක බලදේශපාලනය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජනතා වගකීම‘ යන මැයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පවත්වනු ලැබේ.

     

    අමාත්‍ය රාජිත සේනාරත්න හා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ද මෙහිදී දේශන පවත්වනු ඇත. පරිසර රජ්‍ය  අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පාරිසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    අද දින (05) වැඩසටහනේ මූලිකාංග

     

    පෙ.ව. 10.43 - පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමාගේ පණිවුඩය

     

    පෙ.ව. 10.48  - “ජගත් පාරිසරික සුළු මූල්‍යාධාර වැඩසටහනේ පරිසර මෙහෙවර“
                        ෂිරීන් සමරසූරිය, ජාතික සම්බන්ධිකාරකා, ජගත් පාරසරික සුළු මූල්‍යාධාර වැඩසටහන

     

    පෙ.ව. 10.58  - “පරිසර සංරක්ෂණය සහ ජනමාධ්‍යයේ කාර්යය භාරය“
                        කරුණාරත්න පරණවිතාන, ලේකම්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය

     

    පෙ.ව. 11.00  - “නාගරික පරිසර සංරක්ෂණයේ දී ප්‍රජා දායකත්වයේ වැදගත්කම“
                        නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, කොළඹ මහනගර සභාව

     

    පෙ.ව. 11.00  - පරිසර සංස්කෘතිකාංගය

     

    පෙ.ව. 11.10  - “යහපාලනය තුළ පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ වගකීම“
                        අමාත්‍ය රාජිත සේනාරත්න

     

    පෙ.ව. 11.15 - සංවේදනාවේ හඬ - ජනතා කලාකරු චින්තක ගීතදේවා

     

    පෙ.ව. 11.20 - ප්‍රධාන දෙසුම - “ලෝක බලදේශපාලනය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජනතා වගකීම“
                       විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක

     

    පෙ.ව. 11.20 - සමාරම්භක උළෙලේ නිමාව

     

    පෙ.ව. 12.00 - සංරක්ෂකයින්ගේ පා ගමන
                       ආරම්භය- නව නගර ශාලාව අභියසින්

     

    පෙ.ව. 15.30 - විවෘත සංවාදය - “වනසම්පත් විනාශය හා හායනය පිටුදැකීමේ ජාතික අවශ්‍යතාව“
                       මෙහෙයවීම - හේමන්ත විතානගේ, විධායක අධ්‍යක්ෂ, පරිසර යුක්ති කේන්‍ද්‍රය

     

    පෙ.ව. 16.30 - විවෘත සංවාදය - “පරිසර සංරක්ෂණයේ ඉදිරි මග කුමක් විය යුතු ද?
                      මෙහෙයවීම - බන්දුල බැබරැන්ද මහතා, ලේකම්, ශ්‍රී ලංකා පරිසර සම්මේලනය

     

    පෙ.ව. 18.00 - පරිසර සංස්කෘතික ප්‍රසංගය

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya