අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ සුභාශිංසන රැගෙන අමාත්‍ය ෆවුසි නයිජීරියානු නව ජනාධිපතිගේ දිවුරුම් උත්සවයට

    ජූනි 03, 2015

    පසුගියදා (29) නයිජීරියානු නව ජනපති මොහොමදු බුහාරි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ද ආරාධනා කළ බවත් ජනාධිපතිතුමාගේ විශේෂ රාජ්‍ය නියෝජිතයෙකු ලෙස අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා එම උත්සවයට සහභාගි වී ජනාධිපතිතුමාගේ විශේෂ සුභිශිංසනය එතුමාට පිළිගැන්වූ බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකාව අද (03) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

     

    පසුගියදා (මැයි 28) නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් පත් වූ හිටපු හමුදා පාලකයකු වන බුහාරි නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ හිටපු ජනපති ගුඩ්ලක් ජොනතන් පරාජයට පත් කරමිනි. ගුඩ්ලක් ජොනතන් 2010 වසරේ සිට එරට පාලනය කළේය.

     

    1960 වසරේ නයිජීරියාවට නිදහස ලැබිමෙන් පසුව එරට විපක්ෂයෙන් පත්වූ පළමු ජනාධිපතිවරයා බුහාරි මහතාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya