අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

    ජූනි 03, 2015

    රට තුළ ඒඩ්ස් ආසාදිතයින් 2,133ක් හෙළිදරව් වී ඇතැයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය පවසයි. පූර්ව ආරක්ෂාව සඳහා පියවර ගෙන නොමැති නම්, සෑම රටකම ජනතාව එච්.අයි.වී වෛරසයට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව ඇය සඳහන් කළේය.

     

    ලොව පුරා එච්.අයි.වී ආසාදිත පුද්ගලයන් මිලියන 34 ක් වාර්තා වී ඇති අතර ඉන් මිලියන 23ක්ම අප්‍රිකානු රටවල පුද්ගලයන් බව ඇය සඳහන් කළේය. 1989 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් රෝගියෙකු වාර්තා වූ බව ද ඇය තවදුරටත් පැහැදිලි කළේය.

     

    වෛද්‍ය විජේවික්‍රම මහත්මිය පැවසුවේ සෑම වසරකම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙන බවයි. ඔවුන්ගෙන් බහුතරයක් පුරුෂයන් වේ. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ එච්.අයි.වී වෛරසය ආසාදිත වී වසර 10 කට පමණ පසු රෝග ලක්ෂණ වර්ධනය වන බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya