අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා විශ්‍රාමිකයින්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සාකච්ජාවක්

    ජූනි 02, 2015

    ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින රණවිරුවන්ගේ සහ ඔවුන්ගේපවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය සඳහා සමස්ථ ලංකා යුද හමුදාවිශ්‍රාමිකයන්ගේ සුබසාධක සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු  ඊයේ (01)යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.


    සමස්ථ ලංකා යුද හමුදා විශ්‍රාමිකයන්ගේ සුබසාධක සංගමයේ සභාපති ලුතිතන්කර්නල් (විශ්‍රාමික) ආර්.එම්.ප්‍රේමරත්න, මේජර් (විශ්‍රාමික) එල්.ඒ.එම්.ප්‍රේමචන්ද්‍ර, කපිතන් (උපකරණ පාලක) (විශ්‍රාමික) ඩබ්.එන්. පතිරාජ සහ බලලත්නිලධාරි 11(විශ්‍රාමික) ජි.ඩබ්. ලුකස් ප්‍රනාන්දු එම නියෝජිතයින් වේ.



    ඔවුන් ඉදිරිපත් කල ගැටලුවලට සවන්දුන් යුද හමුදාපතිතුමා, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා  බවට මෙහිදි සහතික විය.


    නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල මෙන්ම යුදසේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද මෙම සාකච්ජාව සඳහා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya