අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    ජූනි 02, 2015

    වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලයේ සාමාජික රටවල් 17 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 12වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් 2015 නොවැම්බර් මස පැවැත්වීමට නියමිතය.

     

    'වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලය' 2004 වර්ෂයේදී පිහිටුවා ගනු ලැබූ අන්තර් ජාතික සහයෝගිතා සමුළුවක් වන අතර, වී වගා බිම්වල පාරිසරික පද්ධතියේ තිරසාරතාව පිළිබඳව අවධානය යොමු කරවමින් නිසි ජල කළමනාකරණයක් පවත්වා ගැනීම මුලික අරමුණ කර ගත් සංවිධානයක් වේ.

     

    වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා විසින් වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර සංවිධාන කටයුතු නුදුරේදීම අරඹනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya