අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර හා කෘෂිකර්ම සංවිධාන ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩමුළුව අද සිට

    ජූනි 01, 2015
    නීති විරෝධී, වාර්තා නොවන හා අවිධිමත් ධීවර කටයුතු මැඬලීම සඳහා වන වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධයෙන් 2009 ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩමුළුව අද ( 01) සිට 05දා දක්වා කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    මේ වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වනු ඇත.
     
    මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමේ මූලික පියවරක් වශයෙන්, හැකියාවන් නංවාලීමේ ගෝලීය වැඩමුළු මාලාවේ එක් කොටසක් ලෙස මෙම වැඩමුවව සංවිධානය කර ඇත. වරාය රාජ්‍ය පියවරයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ප්‍රතිපත්තිමය, නෛතික, ආයතනික හා මෙහෙයුම් අවශ්‍යතා හුවා දැක්වීම සඳහා වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධ ගිවිසුමෙ හි (PSMA) විධිවිධාන පිළිබඳ ව අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩමුළුව මඟින් අපේක්ෂා කෙරේ.
     
    මෙම වැඩමුළුව අවසානයේ දී ඊට සහභාගිවන රටවල් විසින් වරාය රාජ්‍ය පියවරයන් ශක්තිමත් කීරීමට හා ඒ සම්බන්ධයෙන් එම රටවල් සහයෝගීව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වේ. එමඟින් සමාජීය හා ආර්ථික සංවර්ධනය මෙන් ම ආහාර සුරත්ෂිතතාව ඇති කිරීමේ දායකත්වය අපේක්ෂා කරනු ලබන අතරෙ ඒ මත අවසාන ප්‍රතිඵලය ලෙස ධීවර සංවර්ධනය හා කළමනාකරණය වැඩිදියුණු කර ඒ හා සම්බන්ධ පරිසර පද්ධතිවලට සිදුවන හානි අඩු කිරීමට ද අපේක්ෂිතයි. ඉන්දියන් සාගරයේ උතුරු හා අපරදිග සාගර කලාපයට (යාබද මුහුද හා මුහුදු බොක්ක ද ඇතුළත් ව) මායිමේ ඇති රටවල් 19ක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වේ.
     
    මෙම වැඩමුළුව FAO විශේෂඥයන් ගණනාවකගේ සහයෝගය ඇති ව පවත්වනු ලැබේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya